පතිනිය වී අද මා ඔහුගේ

 

1 කොටස

      "මේක හොදට මතක තියාගන්නවා මේ ගැන කාට හරි කියලා තිබ්බොත් තමුසෙගේ පවුලේ අයගේ අවසානය කියලා මතක තියා ගන්නවා.තමුසෙගේ තාත්තට උන දේ මතකයිනේ.අනිත් අයටත් දේම වෙනවා බලන්න කැමති නම් දගලනවා"

පවුලේ අයගේ අනාගතේ වෙනුවෙන් මට මගේ ආත්මයමය බිලිදෙන්න තීරණය කලා.

තාත්තගේ මරණයත් එක්ක පවුලේ හැමෝගෙම සතුට නැති උනා. මගේ තාත්තා හිටපු පොලිස් ස්ථානාධිපති සුජීව කරුණානායක. මිනීමරුවෝ මගේ තාත්තව මැරුවට පස්සේ මගේ අම්මයි මමයි නංගී තනි උනා.

ඒත් මගේ එක තීරණයක් නිසා මගේ අම්මවයි නංගිවයිත් නැති කරගන්න මට බෑ. නිසාමයි මගේ තාත්තව මරපු මිනීමරුවවම මට බදින්න උනේ... ප්රේමසිරි කේ සිරිමෙවන් ඇමතිතුමාගේ මරණෙන් පස්සේ මිනිස්සුන්ගේ ජන්දෙන් අඩු වයසින් ඇමතිකම ගන්න ප්රේමසිරි ඇමතිතුමාගේ පුතාට පුලුවන් උනා. වෙන කවුරුත් නෙමේ වීර් ජයනාත් සිරිමෙවන්. එහෙම නැත්තන් මගේ තාත්තාව මරලා මගේ ජීවිතේත් විනාශ කරන්න ආපු මගේ සැමියා.

"තමුසේ ඔතනට වෙලා හිටං ඉන්නේ කවුරු හරි තමුසෙව එක්කන් යයි කියලා හිතලද"

බැදලා වීර්ගේ ගෙදර ආව පලවෙනි දවස අද.ඇවිල්ලා ඉන්න හැමෝම මැති ඇමතිවරුන්. වගේම දේශපාලනය කරන අය. එතන තවත් ඉන්න බැරි නිසා ඔලුව රිදෙනවා කියලා මං කාමරේට ආවේ.

"තමුසේ මොනවද ඔච්චර කල්පනා කරන්නේ.ගිහින් වොශ් එකක් දාගන්නවා."

එහෙම කියලා වීර් කාමරෙන් එලියට ගියා. මමත් දොර ලොක් කරලා සාරිය ගලවලා ජැකට් එකේ ගැට ටික ලෙහා ගන්න බැරුව ඉන්නේ. එහා පැත්තෙන් කවුරු හරි දොරට තට්ටු කරනවා. මදිවට මං සාරියත් ගලවලා ඉන්නේ.

"අක්කේ මේ මං.දොර අරින්න"

නංගී.ඔව් නංගි තමා.ඒත් ඇයි එයා මේ වෙලාවේ ආවේ. මොකක් හරි කරදරයක්වත්ද.. ඉක්මනට ගිහින් දොර ඇරලා නංගිව ඇතුලට ගත්තා.

"ඇයි නංගී මොකක් හරි කරදරයක් උනාද. කවුරු හරි ඔයාට කරදර කලාද"

මං බයවෙලා නංගිගෙන් අහනකොට මෙන්න මෙයා හිනාවෙනවා. මං හිනා වෙන්න දෙයක් ඇහුවේ නෑනේ.

"අයියෝ අක්කේ අයියා කිව්වා ඔයාට චේන්ජ් එකක් දාගන්න උදව් කරන්න කියලා ඒකයි මං ආවේ. ඇත්තමයි අක්කේ අයියා නම් හරි හොදයි. වගේම එයාගේ පවුලේ අයත් අක්කේ"

'මං කොහොම කියන්නද නංගී ඔයා ඔය හොදයි කියන එක්කෙනාම තමයි අපේ තාත්තව මැරුවෙත් කියලා'

"ඒයි මොනවද කල්පනා කරන්නේ.යන්න ගිහින් වොශ් එකක් දාගෙන එන්න."

වොශ් එකක් දාගෙන ආවට පස්සේ අම්මවයි නංගිවයි ගෙදර යවලා මං කාමරේට ඇවිල්ලා නිදාගත්තා. උදේ නැගිටිනකොට වීර් මට එහා පැත්තේ නිදාගෙන ඉන්නවා.ඊයේ රෑ යාලුවොත් එක්ක බීලා කොයි වෙලේ ඉදලා ආවද දන්නෑ. මේ මූණ දකිනකොට මට මතක් වෙන්නේ මගේ තාත්තගේ මූණ.

තාත්තා අන්තිම හුස්ම හෙලන්න කලින් මට අත දික්කරලා පෙන්නුවේ තාත්තගේ මිනීමරුවා.අද මිනීමරුවගේ වහල යටම මගේ අසරණකමට ඉන්න වෙලා තියෙන්නේ.

වීර් නැගිටින්න කලින් මං වොශ් එකකුත් දාගෙන පහලට ආවා. මාව දැකලා අම්මා හිනා වී ගෙනම මං ලගට ආවා.

"මං හිතුවේ දුව තව නිදි ඇති කියලා මහන්සියට. ඉන්න මං දුවට තේකක් හදන්න කියන්නම් රේවතීට"

"රේවතී"

"ඔනේ නෑ අම්මා මං හදන්නම්. රේවතී අම්මා වැඩක්නේ"

මිදුල අතු ගගා හිටපු රේවතී අම්මා අපි දිහාවට එනවා දැකලා මං එහෙම කිව්වේ වැඩකාරියක් උනත් කාගෙ උනත් අම්මෙක්නේ කියලා හිතලා.කොච්චර වැඩ තිබ්බත් අම්මා අපේ ගෙදරට වැඩ කරන අය ගත්තේ නැත්තේ ගෙදර ඉන්න භාර්යාවගේ අතින් ගෙදර හැමදේම වෙන්න ඕනේ කියලා හිතපු නිසා. මොනවා උනත් මමත් දැන් මේ ගෙදර ලේලි නිසා මගේ අතින් හැමදේම කරන්න මං හිතාගත්තා.

තාත්තව වීර් මැරුවට වීර් වගේ නෙමේ වීර්ගේ පවුලේ අයත් ගොඩක් හොද අය. වීර්ගේ තාත්තා උනත් අසාධාරණයට කැමති කෙනෙක් නෙමේ කියලා අපේ තාත්තා කියනවා ඇහිලා තියෙනවා. තරම් යහපත් මිනිස්සු ඉන්න පවුලක වීර් වගේ මිනිහෙක් ඉන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ.

ගෙදර හැමෝටම තේ හදලා වීර්ගේ තේකත් අරන් මං කාමරේට ආවා. මං එද්දී වීර් ඇහැරිලා කොහෙද යන්න ලෑස්ති වෙනවා. මාව දැක්කත් නොදැක්කා වගේ එයා එයාගේ පාඩුවේ ලෑස්ති වෙනවා.මට මොකද මට එයාගෙන් වැඩක් නෑ.

තේක ටේබල් එක උඩින් තියලා මාත් එයාව ගනන් ගන්නැතුව යන්න හැදුවේ. ඒත් වීර් කතා කරපු නිසා මං එහෙම්ම නැවතුනා.

"මං තේ බොන්නෑ කියලා දන්නැද්ද. ගිහින් මට කිරි එකක් හදන් එනව. මේ මල ජරාව මං බොන්නෑ"

මෙයා කැමති අකමැති ඒවා මං දන්නවා . අනික මෙයාව බැදලා තාම දවස් තුනයි එහෙම එකේ මෙයාගේ විස්තර හැමදෙයක්ම මං දන්නවා ...

" ගමන මොනවද මගේ මූණ දිහා බලන් ඉන්නේ. ගිහින් කිරි එකක් හදන් එනවා."

"මොකද ලොකු පුතා ඔය ළමයට ඔහොම කෑ ගහන්නේ. ළමයා දන්නවා ඔයා කැමති අකමැති දේවල්. මෙන්න මං ඔයාට කිරි එකක් හදාගෙන ආවා"

අම්මා ආපු නිසා මං බේරුණා. මගේ තාත්තව මැරුවා මදිවට මාවත් නොමරා මරන්නද කොහෙද මේ මිනිහා හිතන් ඉන්නේ. මොකද මගේ තාත්තව මැරුවේ මෙයා කියලා දන්නේ මං විතරනේ. ඒකනේ තාත්තා මැරිලා මාසයක් යන්නත් කලින් මාවත් බැදලා එයාට කොටු කර ගත්තේ.

"තමුසේ මොනවද ඔච්චර කල්පනා කරන්නේ. මාව මරන්නවත් ප්ලෑන් කරනවද"

කට කොනකින් හිනා වෙන ගමන් වීර් මගෙන් එහෙම ඇහුවා.

"කාවවත් මරලා මිනීමරුවෙක් වෙලා මගේ තාත්තගේ ආත්මේ පාවල දෙන්න තරම් මං මෝඩ නෑ මිස්ටර් වීර්. අනිත් එක කවුරු කවුරුත් කරපු අපරාදවලට දවසක් එයාලටම විදවන්න වෙයි. මං ඔයාව බැන්දේ වෙන මොකුත් නිසා නෙමේ මං නිසා මගේ අම්මටයි නංගිටයි කරදරයක් නොවෙන්න ඕන නිසා."

"අනිත් එක මෙන්න මේකත් මතක තියාගන්න මිස්ටර් වීර්. මං ඔයාව බැන්දා. ඔව් එහෙම කරන්න උනා තමයි. ඒත් මං මගේ අම්මා වගේ මගෙන් කෙරෙන්න ඕන යුතුකම් ඔක්කොම මං කරන්නම්. හැබැයි එක දෙයක් කවදාවත් ඔයාට නම් මගෙන් සමාවක් ලැබෙන්නෑ. ඔයාව දකින හැම මොහොතම මට මැවිලා පේන්නේ මගේ තාත්තා මැරෙන මොහොතේ හිටපු විදිහ"

වීර් තව මොකුත් කියන්න කලින් මං බාතෲම් එකට ගිහින් දොර වහගත්තේ මගේ කදුලු මගේ අසරණකම කියලා වීර්ට පෙන්නන්න බැරි නිසා.

වීර් ගියාට පස්සේ තමයි මං කාමරෙන් එලියට ආවේ.

"ආහ් අනුත්තරා"

ඔව් මං අනුත්තරා උපේඛානි කරුණානායක.

"ආහ් භාති"

භාති කියන්නේ මාත් එක්ක කැම්පස් එකේ හිටිය ගැන්සියේ එක්කෙනෙක්. භාතිගේ අයියා වීර් කියලා මං දැන ගත්තේ මගේ තාත්තගේ මරණය දවසේ. ඒත් මේ කිසිදේකට භාති සම්බන්ද නෑ කියලා මං දන්නවා.

"මොකද අනු අයියා ගියහම පාලුයි වගේද.."

"අනේ එහෙම නෑ භාති. භාති කොහෙ හරි යන්නද"

මං එහෙම ඇහුවේ භාතිය තද නිල් පාට ඩෙලිමට රතුපාට ටීෂර්ට් එකක් ඇදන් ඉන්න නිසා.

"ඔව් අනූ අන්න කට්ටිය පාර්ටි ඉල්ලනවා අනූ මගේ නෑනා උනාට. උන්ගෙන් බේරෙන්න බෑ. නිසා කස්ටියට පොඩ්ඩක් සලකලා එන්නම්"

"අනේ භාති මාත් එන්නම්කෝ. මටත් කට්ටියව කාලෙකින් හම්බෙන්න බැරි උනා. තාත්තා නැති උනත් හරි"

"අයියෝ මේ මේ නෑනෝ ටැප් එක ඇරගන්න නම් එපා. හරි හරි මං අම්මගෙන් ඇහුවා ඔයාවත් එක්කන් යන්නද කියලා. මං මේ ඒක කියන්න එනකොටම තමා ඔයත් පහලට ආවේ ලෑස්ති වෙලා එන්න.මං කාර් එකේ ඉන්නම්"

"හරි භාති. මං විනාඩි පහෙන් එන්නම්"

භාතිය කිව්ව ගමන් මං ගිහින් ටක්ගාලා ලෑස්ති උනේ ටික වෙලාවකට හරි යාලුවෝ කට්ටියත් එක්ක එකතු වෙලා මගේ හිත නිදහස් කර ගන්න පුලුවන් නිසා.

නිල් පාට ත්රව්සර් එකට තද රෝස පාට ටොප් එකක් ඇදලා පෝනියකුත් දාගෙන අම්මට කියලා මාත් භාතිය එක්ක කාර් එකට ගිහින් නැග්ගා.

"මේ නෑනෝ ඔයා අයියට කිව්වා නේද මාත් එක්ක ගමනක් යනවා කියලා"

එවෙලේ තමා මට මතක් උනේ මං වීර්ට කිව්වේ නෑනේ කියලා. මං එයාට මොකටද කියන්නේ. එයත් උදේ කොහෙද යන්නේ කියලා මට කිව්වේ නෑනේ.

"නෑ භාති. අම්මට අපි කියලනේ ආවා. අනික අයියා එන්න කලින් අපි ගෙදර එනවනේ.

අම්මා කියයිනේ එයා වේලාසනින් ආවොත්."

"අම්මෝ මට අපේ එකාගෙන් බැනුම් අහන්න වෙයිද දන්නෑ වයිෆ්ව බැදලා සතියක් යන්නත් කලින් මං රවුම් ගහන්න එක්කන් යනවා කියලා."

"අනේ යන්න භාති වීර්ට කලින් මං ඔයාව දන්නේ. අනික අපි හොදම යාලුවෝනේ. මට නිසා ඔයා එක්ක ඉස්සර වගේ ඕන තැනක යන්න පුලුවන්"

"අනේ අම්මේ හරි හරි අනූ. ඔයා එක්ක නම් ඉස්සර වගේම කතා කරලා නම් දිනන්න බෑ"

භාති එහෙම කියලා මගේ කොන්ඩේ අවුල් කලා.

"අනේ නිකන් ඉන්න භාති. ඉස්සර වගේ ඔයා තාමත් මගේ කොන්ඩේ අවුල් කරනවා මැට්ටා."

කතාවෙන් කතාව මමයි භාතී ගලදාරී හොටෙල් එකට ආවා.වෙනද නම් අපි කට්ටිට සෙට් වෙන්නේ සයිවර් කඩයක් අල්ලන්. ඒත් අද කට්ටිය වෙනසකටත් එක්ක මේකට ආවා.

මං භාතියත් එක්ක හොටෙල් එක ඇතුලට යනකොට මං දැක්කේ අපේ සෙට් එක ඇවිත් ඉන්නවා. ඉන්න තැනත් අමතක වෙලා මං කට්ටිය ළගට දුවන් ආවා.

"අම්මේ මේකී බැදලවත් මේකිගේ විසේ අඩුවෙලා නම් නෑ. පව් බං භාති උබේ අයියා"

"හිටියට වඩා කෙල්ලගේ අමුතු ලුක් එකක් තියෙනවා. අනේ අපේ කැම්පස් එකේ කීදෙනෙක් නම් මේකිට ලව් කලාද.. කෝ එහෙම එකේ අන්තිමේදී සෙට් උනේ අපේ සෙට් එකේ භාතිගේ අයියට"

"මේ මේ උන් දෙන්න සෙට් වෙලා හනිමූන් ගිහිල්ලත් ඉවරයි. අපිට දැන් පාර්ටි දියල්ලා"

කට්ටියගේ විකාර කතා අහන් ඉදලා හිනාවෙලා මගේ කම්මුල් දෙකත් රිදෙනවා. කාලෙකට පස්සේ මං හිනා වෙන්නේ.

"හරි හරි මේ උබලා මගේ නෑනාව අපහසුතාවට පත් කරන්නැතුව හිටපල්ලා. උබලට යකෝ වෙඩින් එකේ කන්න දුන්න ඒවා මදිවෙලා තවත් ඉල්ලනවනේ මල පෙරේතයෝ"

"ඇයි බං මේ මලපෙරේතියොත් ඉන්නේ"

"හරි හරි උබලා ඔක්කොම එකයි"

කට්ටිය හිනා වෙවී ගලදාරී එක බිමට පතිත නොකල ටික විතරයි. කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුද්දක් උනත් මේ අවුරුද්ද ඇතුලේ හැම මාසෙකම අපි කට්ටිය සෙට් උනා. යාලුකමටත් වඩා එහාට ගිය බැදීමක් අපිට තියෙන්නේ..

"භාති මොකද මෙතන වෙන්නේ"

පිටිපස්සෙන් ඇහුණු සද්දෙට අපි කට්ටිය බය වෙලා පිටිපස්සේ හැරුණා.ඇවිල්ල ඉන්න කෙනා දැකලා මට හීන් දාඩිය දාන්න ගත්තා.

---- ඉමල්ෂා අධිකාරි ----

 

ඔබගේ අදහස්


Must See Places In Paris
Page Views